Tuesday, March 31, 2020

නිරෝධායනය

මේ වචනය නම් මේ දවස් වල නිතර නිතර ඇහෙන වචනයක්. කොරොනා virus එකට පිං සිද්ද වෙන්​න මේ වචනේ දැන් හැමතැනම වගේ ඇහෙන්න පටන් අරන් තියනවා. සමහර අයනම් මේ වචනෙට පුදුම බයක් තියෙන්නෙ. 😂 news වල දැනගත්ත විදිහට සනහර අය මේකට බයේ පැනලා ගිහිනුත් එක්ක 😂. ඉතින් හිතා ගන්නකෝ.

මොකක්ද මේ නිරොධායනය කියන්නේ? ඇත්තටම මේක බය වෙන්න ඔනි කාරනයක්ද? උත්තරේ තමයි 'කොහෙත්ම නෑ' මේ නිරෝධායනය,එහෙමත් නැත්නම් ඉංග්‍රිසියෙන් කියනව නම් 'Quarantine' කියන්නේ මොකක්ද කියලා මම පොඩ්ඩක් හොයලා බැලුවා. නිරෝධායනය කරනවා කියන එකෙන් වෙන්නේ ඇත්තමට යම් කාලයකට හුදකලා කිරීමක්,එහෙමත් නැත්නම් isolate කිරිමක්. ඒක මේ මාස ගනන් අවුරුදු ගනන් නෙමෙයි,දවස් 14 හෝ 20 කාලයකට. මොක්ද මේ virus එකේ පැතිරීමේ මුල් කාලය දින 14ක් ලු. එකයි එච්චර කලයක් ඉන්න කියන්නේ. ඉතින් මේ virus එක ආසාදිත කියල සැක කරන හැමෝම නිරෝධායනය කරනවා නැත්නම් අනිත් අයගෙන් වෙන් කරලා තියනවා. වරදවා හිතන්න එපා දැන් එහෙම වෙන් කරලා තියන්නෙ මෙයාලව සමජෙන් කොන් කරන්න නෙමෙයි. මේ virus එක පැතිරෙන එක control කරන්න.

නිරෝධායන කරන්න ලෝකෙම වගේම ලංකාවෙත් වෙනම තැනි හදලා තියෙන්නේ. මේ virus එක තියනවා කියල සැක හිතෙන අයව එතනට ගෙනිහින් තියාගෙන දවස් 14කට විතර පස්සේ අපහු යවනවා. ඒ දවස් 14 ඇතුල මේයලට හොදට සලකනවා. කෑම බීම ලගටම හම්බෙනවා. ඇදුම් වෙනම හම්බෙනවා. internet එහෙම නෑ කියලද හිතුවේ? නැ එවත් හම්බෙනවා. බලන්නකො කොච්චර සැපද කියලා. ඔවා ඇහුවම අපිටත් යන්න හිතෙනවා ඒ වගේ තැනකට. මොකද ගෙදර හිටිය කියල ඔහොම සැප කොහෙන්ද 😜 අම්ම කෑ ගහයි තේක බිව්ව නම් ගෙනත් හෝදපන් කියලා 😂 ඉතින් මේකට යන්න කවුරුත් බය වෙන්න ඔනි නෑ. අනික මේකට අරන් යන්නේ මරන්න නෙමෙයි නේ. නැත්නම් අත පය බැදලා injection ගහන්නේ නෙමෙයි නේ. ඉතින් කවුරුහරි සෞඛ්‍ය නිලධාරියෙක් ඇවිත් ඔයාව එක්කන් යන්න හැදුවොත් එතන ඩෙගා නටන්නේ නැතුව ඒකට යන්න.

තව දෙයක් ඔනි නම් කරන්න පුලුවන්. ඔයා ඒ වගෙ Quarantine centre එකකට යන්න අකමැති නම් ඒ අයට ගෙදරට වෙලා Self Quarantine එහෙමත් නැත්නම් ස්වයං නිරෝධයනය වෙන්න පුලුවන්. වචනේ පටලවගන්න එපා හොදේ 😉. ඒ කියන්නේ virus එක තමගේ ඇග අතුලේ ඇති කියලා සැක කරන අය ගෙදට වෙලාම ඉන්න ඔනි. එකත් මේ ගෙදරට වෙලා එහෙට මෙහෙට දුවලා පැනලා ඉන්න එක නෙමෙයි. එහෙම හිටියොත් ගෙදර අයටත් කෙලවලා තමයි නතර වෙන්නේ. එක කාමරයකට වෙලා ගෙදර අයගෙනුත් දවස් 14කට වෙන් වෙන් වෙලා ඉන්න ඕනි. ගෙදර ඉන්නවා නම් හොදට clean එකේ ඉන්න ඔනි. නිතරම අත මූන සබන් දාලා හොදන්න ඔනි. දොරවල් වල අගුලු,tap වගෙ දේවල් අල්ලනව නම් අතින් අල්ලන්නෙ නැතුව මොකක්හරි කඩදාසියකින් හරි කමක් නෑ අල්ලන්න ඔනි. නැත්නම් විෂබීජය ගෙදර අනිත අයටත් බෝ වෙනවා නේ. එහෙම පොඩි කැපකිරීමක් කරන්න වෙනවා. මේක මේ මහා ලොකූ වැඩක් නෙමෙයි කට්ටිය බය වෙලා හිටියට. පොඩි දෙයයි. අනිත් එක තමයි නිරෝධානය උනා හරි කොරෝනා හැදුනා කියල හරි මිනිස්සු සමජෙන් කොන් කරන්නේ නෑ. එහෙම කොන් කරන්නත් එපා. මොකද මේක සමාජ රෝගයක් නෙමෙයි නේ. මේකත් සාමන්‍ය virus එකක්. ඔයාලට උණක් හෙම්බිරිස්සාවක් හැඩුනොත් අනිත් මිනිස්සු කොන් කරනවද? නෑනෙ. ඒ වගේ ඉමු අපි.

ඉතින් අන්තිම වතාවට කියන්න තියෙන්නේ මේ virus එකෙන් බේරේන්න තියන එකම විදිහ තමයි අපි අපිම පරිස්සම් වෙන එක. මේක එක එක රටවල රජයවල් වලටයි තමන් අදහන ආගමේ දෙවියන්ටයි නවත්තන්න පුලුවන් දෙයක් නෙයි. තමන් හිතලා මේ virus එක පරද්දන්න සහයෝගය දුන්නොත් මේක නිකන්ම නැතිවෙලා යයි. කවුද අකමැති ඉස්සර වගේ නිදහසේ  එලියට බැහැලා අතල් එකේ තමන්ගේ වැඩක් කරගෙන ඉන්න. ඉතින් ඒ දේවල් කරන්න පුලුවන් වෙන්නේ අද දවසේ අපි පොඩි කැප කිරිමක් කලොත් විතරයි. අමරුයි තමයි. එත් ඉතින් කාගෙන ඉමු කොහොම්හරි. මොකද අද අපි පරිස්සම් වුනේ නැත්නම් හෙට දවස අපිට මල ගමක් වෙන්න පුලුවන්. ඒක හින්දා නිතර කට්ටිය එක පොදියට ඉන්න එක වලක්වගන්න. එලියට යන්නම ඔනි නම් මිනිස්සුන් අතර gap එකකින් යන්න. ඔයාගෙ gf හරි bf හරි කියන්න අපි මේ කලබල ඉවර උනාට පස්සෙ kiss එකක් දෙන්නම් කියලා 😘😂. අපී ලාංකිකයෝ විදිහට බලදාරින් ගන්න ක්‍රියාමර්ග වලට සහයෝගය දෙමු. අපි මනසින් හිතල ස්වයං විනයක් ඇතුව මෙ දවස් ටික හිටියොත් අපිට මේකෙන් ගොඩ එන්න පුලුව. ඒක හින්දා කෝටි 2 ජනතාවට පිං සිද්ද වෙයි මේ වෙලාවේ අපි හොද හැටි පරිස්සම්කින් හොද විනයක් ඇතුලුව ඉමු.🙏

-TrendZ-